තවත්
    මුල් පිටුවදේශීය පුවත්ෆිනෑස් ආයතනයේ කළමනාකරුත් එක්ක ව්‍යාපාරිකයෙක් පිස්තෝලයක් සමඟ කොටු

    ෆිනෑස් ආයතනයේ කළමනාකරුත් එක්ක ව්‍යාපාරිකයෙක් පිස්තෝලයක් සමඟ කොටු

    මෙරට ප්‍රධාන මූල්‍ය ආයතනයක කුරුණෑගල ශාඛාවේ කළමනාකරු සහ ව්‍යාපාරිකයෙක් පිස්තෝලයක් සමග යටවත්ත පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ව්‍යපාරිකයා නාරම්මල පදිංචි 44 හැවිරිදි වියේ පසුවන්නෙකි. මූල්‍ය ආයතනයේ කළමනාකරු කුරුණෑගල අස්වැද්දුමේ පදිංචිව සිටින්නෙක් බව පොලිසිය සදහන් කරයි. ඔහු 39 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    මොවුන් දෙදෙනා ලැන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයකින් මාතලේ කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් සිටියද ජිප් රථය අහඹු පරීක්ෂාවකට ලක්ව ඇත. එහිදි ජිප් රථයේ පෙට්ටියක් තුළ සගවා තිබී ජර්මනියේ නිෂ්පාදිත පිස්තෝලය හමුවි තිබේ.

    මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img