තවත්
    මුල් පිටුවදේශීය පුවත්තුසිත හල්ලොලුව සහ දිනේෂ් දොඩංගොඩ ගමන් කළ ජිප් රථයට වෙඩි තැබීම...

    තුසිත හල්ලොලුව සහ දිනේෂ් දොඩංගොඩ ගමන් කළ ජිප් රථයට වෙඩි තැබීම ගැන පැති කිහිපයකින් විම ර්ශන

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද හිටපු ජනපතිවරු සහ දේශපාලනඥයන් රැසකගේ සමීපතයෙක් වන තුසිත හල්ලොලුව මහතා සහ නීතීඥ දිනේෂ් දොඩංගොඩ මහතා ගමන්කරමින් සිටි ජිප් රථයට නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා ලිපිගොනුවක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැති කිහිලයකින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විමර්ශන පවත්වයි.

    යතුරුපැදියේ වෙඩික්කරු සහ පැදිකරු පමණක් සිය ඇති අතර ඔවුන් තුසිත හල්ලොලුව මහතාට සහ දිනේෂ් දොඩංගොඩ මහතාට පහරදී ඇති බව සඳහන්ය. ඔවුන් දෙදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

    මෙම වෙඩි තැබීම හා පහරදීම ඊයේ (17) රාත්‍රියේදී සිදුව ඇත.

    KU 2976 අංකය දරණ ජිප් රථයෙන් හල්ලොලුව සහ දොඩංගොඩ මහත්වරු ගමන් කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි. ජිප් රථයේ ඔවුන් දෙදෙනාට අමතරව රියදුරුද සිට ඇත. වෙඩි පහරක් ජිප් රථයට වැදී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැත.

    යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එක් වරම ජිප් රථය හරස් කර වෙඩි තබා බිය ගන්වා එහි දොරවල් විවෘතකර තුසිත හල්ලොලුව යන අයට සහ අනෙත් පුද්ගලයාට පහරදී තුසිත හල්ලොලුව යන අය සන්තකයේ තිබූ ලිපි ගොනුවක් රැගෙන පළාගිය බවට ඔහු විසින් ප්‍රකාශකර ඇතැයි මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    තුසිත හල්ලොලුව මහතා පොලිසියට පවසා ඇත්තේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමා සමාජ මාධ්‍ය ඔස්සේ කළ යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයකට අදාල සාක්ෂි සහිත ලියවිලි එම ගොනුවේ තිබුණු බවය. එම ගොනුවට අමතරව එහි පිටපත් තමා සතුව නොවූ බවත් වෙඩි තබා කොල්ලකෑවේ තමා සතුව තිබුණු එකම ගොනුව බවත් ඔහු පොලිසිය හමුවේ පවසා ඇත.

    ජනාධිපතිවරයා විසින් සිදුකලායැයි සඳහන් ආයෝජනයක් සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භකර ඇත. එම විමර්ශනයට අදාලව තුසිත හල්ලොලුව මහතා පසුගිය 15 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්ද ලබාදී තිබුණි. එහිදී ඔහු පවසා තිබුණේ ඊට අදාල ලේඛන සාක්ෂි තමා සතුව ඇති බවය. වෙඩි තබා කොල්ලකෑමට ලක්ව ඇතැයි කියැවෙන්නේ එම සාක්ෂි සහිත ලේඛන බව පැවසේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img