Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ටයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ නම් ඇතුළත්ව තිබේ.
ඒ ‘Wild Cookbook’ YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා, ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර සහ සිනැප්ස් ඒඅයි ලැබ්ස් නිර්මාතෘ නිකින් මාතරආරච්චි යන අයයි.
‘Wild Cookbook’නාළිකාව පසුගිය මාර්තු මස 28 වන දින සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.චරිත් එන්. සිල්වා ආර්ට්ස් කාණ්ඩයෙන් මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටියි.
යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති අතර විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisleහි නිර්මාතෘවරිය ඇයයි.
2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
ෆෝබ්ස් සඟරාවය මෙම විශිෂ්ටයන් තෝරා ඇත්තේ කාණ්ඩ 10ක් යටතේය. ඒ සෑම කාණ්ඩයකටම විශිෂ්ටයන් තිස් දෙනා බැගින් ඇතුළත්ය. වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන මෙම ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව මෙවර ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 10වැනි වතාවටය.