රන් භණ්ඩ අලෙවි කිරීමේ මුවාවෙන් පැමිණි කොල්ල කල්ලියක් වෙලම්බඩ දී රන්භාණ්ඩ අලෙවිසෙල් හිමිකරුවෙකු බිය ගන්වා රුපියල් කෝටි විසි එකක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් තිබේ.
මෙම කොල්ලය ඊයේ සවස් කාලයේ සිදුව තිබෙන බව වෙලම්බඩ පොලිසියේ සඳහන් කළේය.
කොල්ලකරුවන් වෑන් රථයකින් පැමිණ ඇති අතර ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය කුට්ටිගල පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන තිබේ.
රන්භාණ්ඩ තොගයක් අලෙවි කිරීමට ඇති බව සඳහන් කරමින් මෙම කොල්ලයට පෙර පුද්ගලයින් කිහිප දෙනෙක් ව්‍යාපාරිකයා හමුවිමට පැමිණ ගණුදෙනු තතාකර ඇත. ඔවුන් ද මෙම මුදල් කොල්ලයට සම්බන්ධ අය බව අනාවරණය වී ඇත. ඒ අනුව ඔවුන්ගෙන් තිදෙනෙක් ඊයේ සවස් වන විට අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් නාරාහේන්පිට ,පල්ලේ කැලේ සහ රාගම පදිංචිකරුවන් බවට තොරතුරු අනාවරණය වී තිබේ. සෙසු සැකකරුවන් කොල්ලක මුදල් සමග අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.