පළාත් පාලන ඡන්ද විමසීම 2025 අද(06) පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා පැවැත්වෙයි.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13759ක් ඒ වෙනුවෙන් සූදානම් කර ඇත.
පළාත් පාලන ආයතන 339කට සභිකයන් තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද හිමියන් 17156338 සිය ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා උදෑසනම පැමිණ ඡන්දය භාවිතා කරන්නයි මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා සිටියි.