තවත්
    මුල් පිටුවදේශීය පුවත්වැලිකඩ බන්ධනාගාරයෙන් රිවෝල්වරයක් හමුවේ

    වැලිකඩ බන්ධනාගාරයෙන් රිවෝල්වරයක් හමුවේ

    වැලිකඩ බන්ධනාගාරයේ කානුවක් පිරිසිදු කිරීමේදී ඒ තුළ තිබී රීවොල්වරයක් අද(05) හමුවී ඇත.

    වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුව පිටුපස අප ජලය බැස යන කාණුවක පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ මෙම රිවොල්වරය හමු වී ඇතැයි බන්ධනාගාර තොරතුරු සඳහන් කරයි.

    මේ ගැන බොරැල්ල පොලිසියට කළ දැනුම්දීමකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම රිවොල්වරය වසර කිහිපයක් පාස්වලට යට වි තිබී තිබී ඇති බැවින් භාවිතයට ගත නොහැකි එකක් බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම අවිය මෙතැනට ආවේ කෙසේ දැයි සොයා බන්ධනාගාර පාර්ශවයෙන් මෙන්ම පොලිසියෙන්ද විමර්ශන පැවැත්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img