පුත්තලම පොලිස් වසමේ රත්මල්යාය ප්‍රදේශයේදී, පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය විසින් ඊයේ රාත්‍රී කාලයේ සිදුකරන ලද වැටලීමකදී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් බාර නිලධාරි විසින් නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් අසූ පහක් සන්තකයේ තබාගෙන සිටි අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන ඇත.
වදින සුභසිංහ ආරච්චිලාගේ චාමලී චන්ද්‍රකාන්ති නැමැති ඇය සර්ව ජන බලය පක්ෂයේ පුත්තලම මහ නගර සභාවට තරග කරන අපේක්ෂිකාවක් බව පොලිසිය සඳහන් කරයි.
තැපැල්කරු විසින් ඡන්ද කාඩ් පත් ඊයේ දින උදෑසන හෝ දහවල් කාලයේදී මේ තැනැත්තියට ලබාදී ඇති බවට විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
තැපැල්කරු අතුරුදහන්ව සිටින අතර අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.