ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පවත්වන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව මෙම නඩුව පැවරීමට නියමිතය.
එය විශේෂ නඩුකරයක් සේ සලකා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා සිය ලිපිය මගින් අගවිනිසුරුවරිය ගෙන් ඉල්ලා තිබේ.