ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් මහතා සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් දැරිය නොහැකි ආකාරයේ වද හිංසනයන්ට ලක්කර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ සැකකරුවන් දෙදෙනෙක් වසර 17කට පමණ පසු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.
දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී 2008 වසරේ මැයි 22 වෙනිදා කීත් නොයාර් මහතා පැහැරගන්නා එකල ක්‍රියාත්මක කුප්‍රකට සුදු වෑන් රථ කල්ලිය ඔහුට දස වද දෙමින් ඝාතනය කිරීමට උත්සහයක නිරත විය.
මෙසේ අත්අඩංගුවට ගනු ලබන්නේ යුද හමුදා බුද්ධි අංශයේ එකල සේවයේ නිරතව සිටි සාමාජිකයන් දෙදෙනෙකි. මේ වන විට හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ඔවුන් දෙදෙනා නවගත්තේගම සහ උලුක්කුලම ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (01) නවගත්තේගම සහ ඇලයාපත්තුව යන පොලිස් වසම්වලදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.