තවත්
    මුල් පිටුවදේශීය පුවත්කෝටි 02ක පොල් ගෙඩි වලට සමාන පොල් කිරි, පිටි ස හ පොල්මද...

    කෝටි 02ක පොල් ගෙඩි වලට සමාන පොල් කිරි, පිටි ස හ පොල්මද ආනයනය කෙරේ

    පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200කට සමාන පොල් කිරි, පිටිකළ පොල් සහ සීත කළ පොල් මද ප්‍රති අපනයනය සඳහා කාණ්ඩ තුනක් යටතේ ආනයනය කිරීමට අවසර ලබාදීමට නියමිතව ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.

    පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරිම සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙන් හා රුසියානු රජය විසින් නොමිලේ පරිත්‍යාග කරන ලද එම්.ඕ.පී. පොහොර පොල් වගාව සඳහා යොදා ගැනීම සම්බන්ධවයි. යනුවෙන් එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්ය.

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    1. පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරිම සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය, පොල් වගා කිරිමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, සහ පොල් සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI)යන, මෙම ආයතන සමග සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යංශයේ දි පසුගිය දිනයක පැවැත්විය.

    මෙම හිඟ කාලයේදී පොල් මද ආනයනය කිරිමට තීරණය කර ඇති අතර එම කැබිනට් පත්‍රිකාව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. එය ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කිරිමට කටයුතු සිදුකරමින් පවති. මෙම පොල් හිඟ කාලයේදි පොල්ගෙඩි මිලියන 200කට අදාල වන පොල් ප්‍රමාණයක් පොල් කිරි,පිටි සහ සීත කල පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරිමට අවසර දෙනු ඇත. ඒ අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණී.

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් විසින් කමිටුවක් පිහිටුවන අතර එම එක් එක් ආයතනය සඳහා අවශ්‍ය වන එම පොල් ප්‍රමාණය කමිටුව විසින් නිර්දේශ කරනු ලබන අතර එම නිර්දේශය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් විසින් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වෙත යවනු ලබයි.කමිටුවේ අනුමැතිය අනුව එම පොල් ප්‍රමාණය ආනයනය කරනු ලබයි. මෙම කර්මාන්තය සඳහා දැනට ඇති පොල් අස්වැන්න අප්‍රේල් වන තුරුම ප්‍රමාණවත් නොවන බැවින් එම කර්මාන්තය රැක ගැනිමේ අරමුණින් එම තීරනය ගනු ලැබේ.

    තවද දේශිය පොල් තෙල් කර්මාන්තය සඳහා කොප්පරා නොවන, වියලි කල හෝ කැබලි කරන ලද පොල් කැබලි ආනයනයට අවශ්‍ය අවසර ලබා දීමේ කටයුතු සිදු කරමින් පවති. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයද කමිටුවක් මගින් තීරණය කරනු ලබයි.දේශිය පරිබෝජනයට ඇති මෙම පොල් තෙල් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු සහනයක් යටතේ ආනයනය සඳහා අදාළකැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති අතර. එම කැබිනට් පත්‍රිකාව ද කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

    1. රුසියානු රජය විසින් නොමිලේ පරිත්‍යාග කරන ලද එම්.ඕ.පී. පොහොර පොල් වගාව සඳහා යොදා ගැනීම සම්බන්ධවයි,රුසියානු රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් පොහොර මෙට්‍රික් ටොන් 55,000 අතරින් 50%ක්, එනම් මෙට්‍රික් ටොන් 27,500ක්, පොල් වගාව සඳහා වෙන් කර තිබේ. පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශය පරිදි, මෙම එම්.ඕ.පී. පොහොර සෘජුවම පොල් වගාව සඳහා භාවිතා නොකර, එය යූරියා සහ එප්පාවල රොක් පොස්පේට් පොහොර සමග ත්‍රිත්ව මිශ්‍රණයක් ලෙස නිර්දේශිත අනුපාතයකට අනුව සකස් කර පොල් වගාව සඳහා යොදා ගැනිම සුදුසු වේ.

    ඒ අනුව එම මිශ්‍රිත පොහොර කිලෝ 50ක් සඳහා රුපියල් 9,000ක පිරිවැයක් දැරිමටපොහොර සංස්ථාවට සිදුවි තිබේ. නමුත් එම ආයතනය විසින් එම පොහොර මිශ්‍රණය පොල් වගාව සඳහා රුපියල් 3,700ක පිරිවැයකට ලබා දීමටකැමැත්ත පල කර තිබේ. ඒ අනුව මෙම කිලෝ 50 ක පොහොර මිටියක් බෙදාහැරිම සඳහා පොල් වගාකිරිමේ මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය ද මේ සඳහා එකතු කර රුපියල් 4,000ක් වැනි පිරිවැයකට මෙම පොල් වගාව වෙනුවෙන්ම සැකසු කිලෝ 50ක පොහොර මිටියක් ලෙස පොල් වගා කරුවන් වෙත ලබා දීමට රුසියානු රජයේ අවසරය ලබා ගැනිමේ අරමුණින් ඔවුන් වෙත විදේශ කටයුතු අමාත්‍යංශය මගින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් විසින් ලිපියකින් අදාල ඉල්ලීම් සිදු කර ඇත.

    පොල් පර්යේෂණ ආයතනය හා පොල් වගා කිරිමේ මණ්ඩලය අනුමත කරනුයේ මෙම එම්.ඕ.පි පොහොර මිශ්‍රිත පොහොර පොල් වගා කරුවන්ට ලබා දීමයි. එමගින් මෙම පොහොර පිරිවැයට ලබා දීම මගින් රජය විසින් බලාපොරොත්තු වන අපේක්ශාවන් වඩා සාර්තක ලෙස ඉටු කර ගැනිමට හැකියාව පවති. එනම් එම මිශ්‍රිත පොහොර පොල් වගාව සඳහා පමණක් භාවිතා කල හැකි බැවිනි. එය වගාකරුවන්ට අවසාන වශයෙන් ඉහළ ආර්ථික ප්‍රතිලාභයක් වගේම ජාතික ආර්ථිකයට එය ධණාත්මකව බලපානු ඇත.

    පොල් වගා කරුවන්ට මෙම පොහොර ලබා දීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති අතර රුසියානු රජය විසින් එම්.ඕ.පී පොහොර මිශ්‍රිත පොහොරක් ලෙස පිරිවැයෙන් 50% ක අඩු මුදලකට වගා කරුවන්ට ලබා දීමට ඔවුන්ගේ අවසර ලැබුනු පසු මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය, හා පොහොර සංස්ථාව සිය කාර්යක්ෂමතාවයෙන් යුතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img