රජයේ රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛනයේ වැඩි කාලයක් රෝගීන්ට රැදී සිටීමට සිදුවන බැවින් ඊට විසඳුමක් ලෙස සිය රාජකාරි වේලාවෙන් පසු සැත්කම් කරන සහ එම සේවාවන් ඉටුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ජනපති අරමුදලින් දිරි දීමනාවක් ලබාදීම කෙරෙහි ජනපති අරමුදලේ පාලක සභාවේ අවධානය යොමුව ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක්දැනට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට ජනපති අරමුදලේ පාලක සභාව සාකච්ඡාකර තිබේ.
ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ගෙන ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී.ජයකොඩි, හිටපු විගණකාධිපති මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහත්වරු ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.