සිය එළු රංචුව හපා කෑ බල්ලෙකුව ගෙල සිරකර ගසක එල්ලා මරා දැමූ කාන්තාවක් මාන්කුලම පොලිසිය අද අත්අඩංගුවට ගත්තේය.එම බල්ලාව තමාට හදාවඩා ගැනීමට නොහැකි බව බල්ලාගේ හිමිකරු සමථ මණ්ඩලය හමුවේ පැවසීමත් සමග බල්ලාව හදාවඩා ගැැනීමට තමන්ට භාරදෙන ලෙස ඉල්ලාගෙනවිත් මෙසේ එල්ලා මරා ඇති බව පොලිසිය කියයි.
මෙම අපරාධය සිදුකර ඇත්තේ පසුගිය 25 වෙනිදා රාත්‍රී කාලයේදීය.සැකකාරිය වයස අවුරුදු 48ක් වන මාන්කුලම චෛත්‍යකුලමේ පදිංචිකාරියකි.මෙම අපරාධය සුනඛයාගේ හිමිකරු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝගතකර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකර ඇත. ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් පොලිසිය විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකාරිය සහ සුනඛයාගේ හිමිකරු අසල්වැසියන් බව පොලිසිය සඳහන් කරයි. සැකකාරිය එළුවන් ඇති කරන බවත් මෙම සුනඛයා එම එළුවන් හපා කන බවත් පොලිසියය සඳහන් කරයි.. සුනඛයාගේ සපා කෑම්වලින් එළුවෙක් මියගොස් ඇති බවද සඳහන්ය.මේ සම්බන්දයෙන් සැකකාරිය විසින් මාන්කුලම පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් පොලිසිය සමථ මණ්ඩලයට යොමුකර තිබී ඇත. එම පැමිණිල්ල මුලතිව් ඔඩ්ඩුසුඩාන් සමථ මණ්ඩලයේදී පසුගිය 25 වෙනිදා විභාගයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.සුනඛයා තමාටද කරදරයක් වී ඇති බවත් එම සතාව තමාට බලා ගැනීමට පවා නොහැකි බවත් එහිදී සුනඛයාගේ හිමිකරු පවසා ඇති බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී සුනඛයාව තමාට භාරදෙන්නේ නම් හදා දෙන්නම් යැයි සැකකාරිය පවසා ඇති බව පොලිසිය පවසයි. සමථ මණ්ඩලයේදී දෙපාර්ශවයේ එකඟතාවය මත සුනඛයාගේ හිමිකරු සුනඛයා අසල්වැසි කාන්තාවට භාරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.පසුගිය 25 වෙනිදා රාත්‍රීයේ සුනඛයා වේදනාවෙන් කෑ ගසන හඩ ඇසී සුනඛයාගේ හිමිකරු අසල්වැසි නිවසට ගොස් බැලීමේදී සුනඛයාව ගසක එල්ලා මරා දමා ඇතිඅයුරු දැක ඇති බවද පොලිසිය සඳහන් කළේය.මෙම කාන්තාව එදින සමථ මණ්ඩලයට යාමට පෙර සුනඛයෙකු මරා දැමීමට පුද්ගලයකු සොයා ඇති බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.1907 අංක 13 දරණ සත්ත්ව හංසා වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන යටතේත් දණ්ඩ නීති සංග්‍රහ පනතේ ප්‍රතිපාදන යටතේත් මෙම කාන්තාවට එරෙහිව පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහකා පැවසීය.
එළුවන් හපා කෑ බල්ලාගේ දිවි තොර කළ කතක් අත්අඩංගුවට
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.