fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තාත්තා කැපූ කොස් අත්ත වැදී පුතා මියයයි

    තාත්තා කැපූ කොස් අත්ත වැදී පුතා මියයයි

    පියා විසින් කපමින් සිටි දිරාගිය කොස් ගසක අත්තක් හිසට වැදි 13 හැවිරිදි දරුවෙක් මියගොස් ඇතැයි ගොඩකවෙල පොලීසිය සඳහන් කළේය.

    ගොඩකවෙල, රන්වල, වෙළඟපොල පදිංචිව සිටි එස්.ටී. ලක්ෂාන් නැමැති දරුවා මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

    මෙම දරුවාගේ පියා විසින් ඊයේ සවස සිය නිවස අසල තිබුණු දිරා ගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එම ගස කඹයක් ආදාරයෙන් අල්ලා ඇද ඇත්තේ මෙම දරුවා සහ තවත් පුද්ගලයකු විසින් බව පොලීසිය සඳහන් කරයි. කොස් ගසේ අත්ත සරුවාගේ හිසේ වැදී ඇත්තේ ගස බිම වැටීමේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img