යුධ නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන එන ලද දෝෂාභියෝගයෙන් ඔහු ජයගෙන තිබේ.
දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙලෙස ඔහුට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයෙන් ජයගෙන ඇත්තේ එරට පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දෝෂාභියේගය වර්ජනය කිරීම හේතුවෙනි.
එ් අනුව දෝෂාභියෝගය කැඳවු අවස්ථාවේදී දකුණු කොරියානු පාර්ලිමේන්තු ගර්භයේ සිට ඇත්තේ මන්ත්‍රීවරුන් 195 දෙනෙකු වන අතර දෝෂාභියෝගයට ඡන්දය විමසීමට අවම වශයෙන් සිටිය යුතු මන්ත්‍රීවරුන් 200 නොසිටීමට හේතුවෙන් එය නිෂ්ප්‍රබා කිරීමට පියවරගෙන ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කර ඇත්තේ තමන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එ්මට නැවත උත්සාහ කරන බවයි. දෝෂාභියෝගය සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට යූන්ගේ කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයෙන් අවම වශයෙන් ඡන්ද අටක් අවශ්‍ය වේ .
කෙසේ වෙතත් පාලක පක්ෂය කියා සිටියේ අර්බුදය විසඳීම සඳහා “වඩාත් ක්‍රමවත්, වගකිවයුතු” මාර්ගයක් තම පක්ෂය විසින් සොයා ගන්නා බවයි.
දකුණු කොරියානු ජනාධිපති යූන් ඉකුත් අඟහරුවාදා ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පරාජය කිරීමට හමුදාවට හදිසි බලතල ලබා දීමට පියවර ගනු ලැබීය.
එහෙත් ජනාධිපතිවරයාගේ ඔහුගේ නියෝගයට එරෙහිව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කිරීමක් පාර්ලිමේන්තුව සිදුවීමත් සමඟ යුන්ගේ උත්සහය ව්‍යර්ථ විය. නමුත් මෙම පියවර ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය සහ ප් ඇමරිකා එක්සත් ජනපද ප්‍රබල යුද සගයකු වන දකුණු කොරියාවේ මෑත කාලයේ ඇති වූ දැවැන්තම දේශපාලන අර්බුදය නිර්මාණය කිරීමට සමත්විය. ඒ අනුව මෙම සිදුවීම ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ප්‍රබල සලකුණුක් ලෙස හැදින්වූ දකුණු කොරියාවේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුවිය.