fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඩුබායි සිට ආ ව්‍යාපාරික කාන්තාවගේ ගමන් මල්ල ගුවන්තොටේදී ඉස්සූ කාන්තාවක් කොටු

    ඩුබායි සිට ආ ව්‍යාපාරික කාන්තාවගේ ගමන් මල්ල ගුවන්තොටේදී ඉස්සූ කාන්තාවක් කොටු

    ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවකගේ ගමන් මල්ලක් ගුවන්තොටුපොලේදී සොරාගත් ඇය පැමිණි ගුවන් යානයේම සිටි කාන්තාවක් ගුවන්තොටුපොල පොලීසිය ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත.

    බේරුවල දර්ගානගරයේ පදිංචි කාරියක් වන ඇය 51 හැවිරිදි වියේ පසුවන්නියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කැලණිය කිරිබත්ගොඩ පදිංචිකාරියක් වන ව්‍යාපාරික කාන්තාවගේ ගමන් මල්ල ගුවන් තොටුපොලේදී මෙසේ සොරාගෙන ඇත්තේ පසුගිය 26 වෙනිදා පැමිණීමේ පර්යන්තයේ ගමන් මළු පථයේදීය.

    මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික කාන්තාව පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ ගමන් බෑගයේ ජංගම දුරකථනයක්, සපත්තු, ටොෆි , චොකලට් ඇතුළු ලක්ෂ 05ක් පමණ වටිනා භාණ්ඩ තිබී ඇති බවය.

    ගුවන්තොටුපොලේ ආරක්ෂක කැමරා පරීක්ෂාකරමින් සිදු කළ දීර්ඝ විමර්ශනයකදී හෙළිකරගත් තොරතුරු මත සැකකාරිය හදුනාගෙන අත්අඩංගුවටගත් බව ගුවන්තොටුපොල පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img