fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ධූරය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගට

    පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ධූරය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගට

    ‍ෙජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා නව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාල නියෝගය ඊයේ රාත්‍රී කාලයේ නිකුත් කරනු ලැබීය.

    ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස 2014 වසරේ ජනවාරි 01 වෙනිදා පොලිස් සේවයට එක්වූ බුද්ධික මනතුංග මහතා 2020 වසරේ ජනවාරි 01 වෙනිදා පොලිස් අධිකාරීධූරයටත් 2024 වසරේ ජනවාරි 01 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධූරයටත් උසස් වීම් ලැබීය.

    සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසත් පොලිස් අධිකාරීවරයෙක් ලෙසත් මහනුවර, ත්‍රිකුණාමලය යන කොට්ඨාශවල සේවයේ නිරතව සිට ඇති ඒ මහතා මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ සහ මහජන සම්බන්ධතා කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙසත් නීති කොට්ඨාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙසත් සේවය කර ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහුව පත්කරනු ලබන්නේ කන්තලේ කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියදීය.

    කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් වන බුද්ධික මනතුංග මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය හා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකරගෙන ඇත. නීතිවේදී උපාධිය හිමිකරගෙන ඇත්තේ විවෘත විශ්වවිද්‍යාලයෙනි.

    පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව ලද දේශීය පුහුණු පාඨමාලා රැසක්ම හදාරා ඇති ඔහු රුසියාව, තායිලන්තය, පිලිපීනය හා කාම්බෝජය යන රටවලින්ද විශේෂ පුහුණුව ලබා තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img