මීගමුව පොලීසියේ නිලධාරීන්ට ලැබෙන ත්‍යාග මුදල් වවුචර් 13කට හොර අත්සන් යොදා රුපියල් 192,400ක මුදලක් සිය පුද්ගලික පරිහරණයට ලබාගත් මීගමුව පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂාව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ස්ථානාධිපතිනිය අත්අඩංගුවට ගැනිමට සොයමින් සිටියදී සැමියාගේ නිවසේ සැඟවී සිටි බවත් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ එහිදී බවත් පොලීසිය සඳහන් කළේය.
මෙම වංචාව ඇය විසින් සිදුකර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 20 හා දෙසැම්බර් 31 අතර කාලය තුළ දී බව පොලීසිය කියයි.
ඇය විසින් මෙසේ වංචාකර ඇත්තේ රථවාහන අංශයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන්ගේ ත්‍යාග මුදල් බව සඳහන්ය.