fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මගී බස් රථයක් තුළ සිදුවූ සොරකම

    මගී බස් රථයක් තුළ සිදුවූ සොරකම

    මගී බස් රථයක් තුළදී මගියෙකුගේ ගමන් මල්ලක තිබුණු රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ හා රුපියල් 40,000ක මුදලක් සොරාගැනීමක් සම්බන්ධයෙන් බස් රථ රියදුරු කොන්දොස්තර සහ තවත් අයෙකු අක්කරපත්තුව පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

    අක්කරපත්තුව – ඔළුවිල් මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු බස් රථයක් තුළදී මෙම සොරකම සිදුව ඇත්තේ මගියාගේ ගමන් මල්ල රියදුරු අසල තබා තිබියදීය.

    සොරකම පසුගිය 07 වෙනිදා අලුයම් කාලයේදී සිදුව ඇති අතර අක්කරපත්තුවේ පදිංචි පුද්ගලයකුගේ ගමන් මල්ලක තිබුණු රන් සහ මුදල් මෙසේ සොරාගෙන ඇති බව පොලීසිය කියයි.

    සොරාගත් රන් භාණ්ඩවලින් කොටසක්ද සොයාගෙන ඇතැයි අක්කරපත්තුව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img