fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශේෂඥ වෛද්‍යවරයාගේ බිරිඳ රෝහලකදී ඝාතනය කරලා

    විශේෂඥ වෛද්‍යවරයාගේ බිරිඳ රෝහලකදී ඝාතනය කරලා

    විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි පෞද්ගලික රෝහලක තෙවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට වෛද්‍යවරයාගේ සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර ඇත.

    මෙම ඝාතනය සිදුව ඇත්තේ අද අලුයම් කාලයේදී බව ත්‍රිකුණාමලය පොලීසිය සඳහන් කරයි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වෛද්‍යවරයාගේ බාල සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වෛද්‍යවරයාගේ බිරිඳ ලන්ඩන් සිට අද අලුයම පැමිණ රෝහලේ තෙවැනි මහලේ ඇති සිය නවාතැන් පොලට පැමිණි අවස්ථාවේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය කියයි. මෙම ඝාතනය දැක ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලය විසිනි. පොලීසිය එම ස්ථානයට යන විටත් ඝාතකයා එම ස්ථානයේ රැදී සිට ඇත. සැකකරු වයස අවුරුදු 55ක් වන අයෙක් බවත් වෛද්‍යවරයාගේ බිරිඳ අවුරුදු 63ක තැනැත්තියක් බවත් පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img