මහසයුරේ රත්තරන් ලෙස හඳුන්වනු ලබන තල්මසුන්ගෙන් ලබාගන්නා අම්බර් තොගයක් රුපියල් කෝටි 05කට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පෙරේදා සමත්ව ඇත.
ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා අම්බර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටත් එසේ ලබාගත් අම්බර් තොගයක් රුපියල් කෝටි 5ක මුදලකට අලෙවි කිරීමට පිරිසක් සූදානම් වන බවටත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් පස් දෙනා අතර මෙම ඡාවාරම මෙහෙයවන මහමොළකරුවන් දෙදෙනාද සිටින බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ. එස්. සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පිටිගල ප්‍රදේශයේදී කළ මෙම වැටලීමේදී අම්බර කිලෝ 17යි ග්‍රෑම් 234ක් සොයාගෙන තිබේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 02වන උප ලේඛනයට අනුව කොදු ඇට පෙළක් සහිත දැඩි ආරක්ෂක මත්සයෙක් ලෙස තල්මසුන් නම්කර ඇත. අම්බර මගින් වාසනාව ,ධනය, බලය හා ශක්තිය ලැබෙන බවට වූ මිත්‍යා විශ්වාසයන් හේතුවෙන් අම්බර සඳහා ඉහළ ව්‍යාජ වටිනාකමක් ඇතිවී තිබේ. ඒ නිසාම තල්මසුන් දඩයම්කරමින් අම්බර ලබාගැනීමට පෙළඹ ඇත.
ලෝකයේ මිල අධික සුවද විලවුන් නිෂ්පාදනයටද අම්බර යොදා ගන්නා අතර අම්බර කෙසෙල් සමඟ ආහාරයට ගැනීමෙන් දැඩි කාම ශක්තිය ඇතිවන බවට ඇතැම් විදේශිකයන් අතර මතයක්ද තිබේ.
පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත ස්ථාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන, පොලිස් සැරයන්වරුන් වන පුෂ්පකුමාර (51068), ඉන්දික (75056), විජේරත්න (409), පොලිස් කොස්තාපල්වරුන් වන අශාන් (39850), ජයසිංහ (93728), ජයසේකර (93681), ගිම්හාන (104231) හිරුෂාන් (104891), හා පොලිස් සැරයන් රියදුරු අජිත් (11919) යන නිලධාරීන් එක්ව මෙම වැටලීමකර ඇත.