මහමැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.
යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා සඳහන් කළේය.
වැඩිම දේශපාලන කණ්ඩායම් ගණනක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා වන අතර එම ගණන 64 කි.
අවම කණ්ඩායම් ගණනක් තරග කරනු ලබන්නේ මොනරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් තරග කරයි.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදි ආදායම් වියදම් වාර්තා ලබාදුන් අපේක්ෂකයන්ගේ ලැයිස්තුව ද මැතිවරන කොමිසම නිකුත් කර තිබුණේ මෙසේ ය.