fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රාජ්‍ය ළමා නාට්‍ය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අත්හිටුවයි

    රාජ්‍ය ළමා නාට්‍ය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අත්හිටුවයි

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට ගත් බවය.

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළැඹෙන 14 දිනත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වැනි දිනත් පැවැත්වීමට නියමිතව තිබුණි.

    එම උත්සව පැවැත්වෙන දිනයන් පසුව දැනුම්දීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img