ජනාධිපතිවරයාගේ ඡායාරූප හා පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති කාර්යාලයෙන් ලිඛිත අවසර ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද(10) සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.
රජයේ අරමුදල් භාවිතා කරමින් සිදු කරන කාර්යයන්වලදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූලව කටයුතු කිරීම අවශ්‍ය බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත.
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර මෙසේ ජනපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු වේ.
රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.
සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.