හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අද (06) සිට මුළුමනින්ම ඉවත් කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පොලිස් කොස්තාප්වරයකු හෝ තබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.
මෙතෙක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සපයනු ලැබුවේ ජනාධිපති ආරක්ෂක කොඨ්ඨාශයෙනි.
ඉහළ නියෝග මත මෙසේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරණයට පෙර තමන්ගේ අටවැනි ජනාධිපති ධුරයට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනම ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයක් කැබිනට් අනුමැතියකින් අනුමත නොකර ගැනීම බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්ම මහත්මින් වෙනුවෙන් වෙනම ආරක්ෂක අංශ පවතින බව ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය හෙට දිනයේ නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි ද, ඇතැම් ආරක්ෂක අංශ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක කටයුතුවලින් හෙට දිනයේ සිට නිල වශයෙන් ඉවත්වනු ඇති බව ට ද තොරතුරු පළවෙයි.