සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
එහිදී ඔහු තමන්ට හිමි වී ඇති ජනාධිපති සමාවට අදාළ ලිපි ලේඛන කිහිපයක්ද ජනාධිපති කාර්යාලයෙන් ලබාගෙන තිබේ.
ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා ඔහුට හිමිව ඇති ජනාධිපති සමාවට අදාල ලේඛන මැතිවරණ කොමිසමට අවශ්‍ය වී ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් පූර්ණ ජනාධිපති සමාවක්ද රාමනායක මහතා බලාපොරොත්තු වෙයි.
හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ඔහුට ජනාධිපති සමාව ලබාදුන්නද මැතිවරණයකට තරග කළ නොහැකි ආකාරයෙන් සීමා කිරීම් කිහිපයක් ද එම සමාවට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් තමන්ට පූර්ණ සමාවක් ලබාදෙනු ඇති බවට හිටපු මන්ත්‍රීවරයා දැඩි විශ්වාසයෙන් පසුවෙයි.
මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හෙරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සිරගත වූයේ හා ප්‍රජා අයිතිය අහිමි වූයේ සොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බවය.
ඔහුට යම් අසාධාරණයක් සිදුව ඇති බවත් ඊට සාධාරණයක් ඉටු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.