තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති නියමයෙන් 5 ශිෂ්‍යත්ව පිළිතුරු පරික්ෂාව නවතියි

    ජනපති නියමයෙන් 5 ශිෂ්‍යත්ව පිළිතුරු පරික්ෂාව නවතියි

    ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහි ප්‍රතිඵලයක් ලෙස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියෝ මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. 
    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img