තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලි ලොරියෙන් ජරාව කන්න ගිය පොලීසියේ බුද්ධි නිලධාරීන් දෙන්නට වූ දේ..

    වැලි ලොරියෙන් ජරාව කන්න ගිය පොලීසියේ බුද්ධි නිලධාරීන් දෙන්නට වූ දේ..

    බලපත්‍ර නොමැති වැලි ලොරියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් 5,000ක අල්ලසක් ඉල්ලා එම අල්ලසින් රුපියල් 2,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊයේ (25) මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් වන ඔවුන් දෙදෙනා කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින අය බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    රුපියල් 5,000ක අල්ලස් මුදලින් රුපියල් 3,000ක මුදලක් මුලින් ලබාගෙන ඉතිරි රුපියල් 2,000 ලබාගන්නා අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img