තවත්
    මුල් පිටුවදේශීය පුවත්රාජකීය ඡන්ද මධ්‍යස්ථනයේ ගැටුමට දෙකක් අත් අඩංගුවට

    රාජකීය ඡන්ද මධ්‍යස්ථනයේ ගැටුමට දෙකක් අත් අඩංගුවට

    කොළඹ රාජකීය විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දෙවැනිවර මනාප ගණන් කරන අවස්ථාවේදීදී සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකාවක් තල්ලුකිරීමකින් ඇය බිම ඇද වැටී තුවාල සිදුවීමක් සම්බන්ධයෙන් එම පක්ෂයේම දෙදෙනෙක් කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකයින් අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස ඇයව තල්ලුකර ඇති බව කුරුඳුවත්ත පොලීසිය කියයි.

    බිම ඇද වැටීමෙන් අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාලව අවුරුදු 45 හා 43 යන වයස්වල පසුවන දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ද වැල්ලවත්තේම පදිංචිකරුවන් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img