fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිරෝද රථ රියදුරන්ටත් විශ්‍රාම වැටුපක්

    ත්‍රිරෝද රථ රියදුරන්ටත් විශ්‍රාම වැටුපක්

    spot_img

    එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මෙරට ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයෝ පවසති.

    සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රී රෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය යන ප්‍රවාහන සංගම් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්ව සිටියි.

    එම සංගම් නියෝජනය කරන නියෝජිතන් දහසක් පමණ අද (04) උදෑසන කොළඹ ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් අතරට පැමිණි ජනාධිපතිවරයා එම පිරිස සමඟ සුහද පිළිසඳරක නිරත විය.

    වසර 25ක් පුරා විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකු යටතේ විසඳුම් නොලැබුණු ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියාමනය පිළිබඳ ගැටළුවට පැය 24ක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තුතිය පළ කළේය.

    ත්‍රීරෝද රථ රියදුරන් පසුගිය සමයේ රැකියාව කරගත නොහැකිව දින ගණනක් ඉන්ධන පෝලිම්වල රස්තියාදු වූ තමන් එම තත්ත්වයෙන් මුදාගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් නැවත එවන් තත්ත්වයකට මුහුණදීමට තමන්ට අවශ්‍ය නොවන බවත් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණක් 2025 වසරේ සිට හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බවයි.

    පැවති ආර්ථික අර්බුදය හමුවේ ණය බරින් පීඩා විඳින ත්‍රිරෝද රථ රියදුරන්ගේ එම ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු මඟින් අවස්ථාව සලසා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img