fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"පරාජය හමුවේ රනිල් කරන්න බැරි ඡන්ද ගුන්ඩු දෙන්න පටන් අරන්. දැන් පමාවැඩියි"

    “පරාජය හමුවේ රනිල් කරන්න බැරි ඡන්ද ගුන්ඩු දෙන්න පටන් අරන්. දැන් පමාවැඩියි”

    spot_img

    ඉදිරි ජනාධිපතිවරණයේදී තම පරාජය හොඳින්ම දැනෙන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, වගා ණය කපාහැරීම වැනි ප්‍රායෝගික නොවන ප්‍රතිඥා ලබාදීමට පටන් ගෙන ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ රට සහ ජනතාව ගැන සැබෑ සැලකිල්ලක් ඔහුට තිබුනේ නම් තමන් දැන් ලබා දෙන ප්‍රතිඥාවන් බොහොමයක් මීට පෙර ඉටුකිරීමට හැකියාව තිබූ බවයි.

    තමාට බලය අහිමි වන බව දැන ගැනීමෙන් පසු ඡන්ද ගුණ්ඩු දීමට පටන් ගෙන ඇති බව හෙතෙම කියාසිටියේ ය.

    “මීට මාසෙකට එකහමාරකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල උද්ඝෝෂණයක යෙදුණා තමන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලබාදෙන්න කියලා. එතකොට මොකක්ද කිව්වෙ රනිල් වික්‍රමසිංහ. සතයක් වැඩි කරන්න බෑ වැඩිකරොත් කඩා වැටෙනවා කිව්වා. මුදල් අමාත්‍යාංශ ලේකම් මෙහෙම තියෙනවා කියලා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට් බද්ද 21% දක්වා වැඩි කරන්න වෙනවා. කවදද මේක කිව්වේ? ගිය අවුරුද්දෙද ජනවාරි මාසේ ද? නෑ පහුගිය ජුලි මාසේ. දැන් මොකක්ද කරන්නේ? දැන් කියනවා ජනවාරි වල ඉඳන් රුපියල් 25000ක දීමනාවක් දෙනවලු. ජනවාරි ඉඳන් සියයට 24ක වැටුප් වැඩි කිරීමක් කරනවාලු. එයාට කියන්න පුළුවන්.ඇයි එයා පරදිනවනේ. අද කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් සියලු ගොවි ණය කපා හරින්න. දැන් රනිල් වික්‍රමසිංහ එහෙම කිව්වම ජනතාවට හිතෙනවා හැමදාම ඡන්ද තිබ්බොත් හොඳයි වගේ කියලා. මේ බොරුනේ. පරාජය හමුවේ ඔහු එවැනි කළ නොහැකි අර්බුදකාරී කතා කියන්න පටන් අරගෙන තිබෙනවා. අනිත් පැත්තෙන් බයක් භීතියක් හදන්න පටන් අරන් තියෙනවා. හැබැයි අපට කියන්න තියෙන්නේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ දැන් ප්‍රමාද වැඩියි.” යැයි ද එහිදී ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img