ඉකුත් වසරේ කැනඩාවේ වනාන්තර පුරා හටගත් ලැව් ගිනි හේතුවෙන් නිකුත් වූ හරිතාගාර වායු ප්‍රමාණය ලොව වැඩියෙන්ම කාබන් විමෝචනය කරනු ලබන රටවල් අභිබවා ගොස් ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වේ.
ඒ අනුව ගතවු වසරක කාලය තුලදී කැනඩාවේ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් මෙගා ටොන් 647 ක් හරිතාගාර වායු විමෝචනයක් සිදුව ඇති බවට එම අධ්‍යයනය සඳහන් කරයි. මෙම ප්‍රමාණය 2022 දී ජර්මනිය, ජපානය සහ රුසියාව ඇතුළුව විශාලතම කාබන් විමෝචක රටවල් 10 න් හතක් ඉක්මවා ගොස් ඇති බව නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වි තිබේ.
එම කාලය තුළ චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය පමණක් කැනඩාවේ ලැව් ගිනි මගින් විමෝචනය වූ කාබන් ප්‍රමාණය අභිබවා ගොස් ඇති බවද අදාල අධ්‍යයනය පෙන්වා දෙයි. එනම් කැනඩාවේ ලැව්ගිනි මගින් හරිතාගාර වායු සහ කාබන් විමෝචනය කළ ප්‍රමාණයද සලකා බැලුවේ නම්, ලොව වැඩිම හරිතාගාර වායුව සහ කාබන් විමෝචනය කරනු ලබන රටවල් අතර සිව්වැනියා බවට කැනඩාව පත්වනු ඇත.
2023 වර්ෂයේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් කැනඩාව පුරා අක්කර මිලියන 37ක් වන වැස්මක් එනම් එරට වනාන්තරවලින් 4%ක් පමණ විනාශ වී තිබේ.
ඒ අනුව කාර්මික ක්‍රියාකාරම් මගින් විමෝචනය වන කාබන් ප්‍රමාණය මැඩපැවැත්වීමට වනාන්තර මත යැපීමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් යලි සිතා බැලීමට සහ ලැව් ගිනි හේතුවෙන් කාබන් විමෝචනය වේගවත් වීම සම්බන්ධයෙන්ද විද්‍යාඥයින්ගේ අවධානය යොමුකිරීමට මෙම අධ්‍යයනය සමත්ව ඇත.