fbpx
තවත්
    මුල් පිටුවspecialහදිසි තෙල් කාන්දු වීමකදී එම ආපදාවට මුහුනදීමේ යාන්ත්‍රණය කුමක්ද?

    හදිසි තෙල් කාන්දු වීමකදී එම ආපදාවට මුහුනදීමේ යාන්ත්‍රණය කුමක්ද?

    Xpress pearl නෞකාව ශ්‍රී ලංකාවේ වයඹ දිග මුහුදු සීමාවේ දී ගිනි ගැනීමත් සමග බොහෝ දෙනා විමසූ කාරණාවක් වන්නේ මෙවන් ආපදාවකට මුහුණ දීම සඳහා අප සතුව පවතින යන්ත්‍රණය කුමක් ද යන්නයි. සැබැවින් ම නෞකා අනතුරු හා නාවික ගමනාගමනය හේතුවෙන් සාගරයට සිදු වන හානි අවම කර ගැනීමත්, හදිසි තත්වයන්ට මුහුණ දීමත් පිළිබඳ ගොඩ නැගුණු ලෝක කතිකාව සමග මේ සඳහා වන නෛතික රාමුව යාවත්කාලීනවීම ඇරඹුණේ 80 දශකයේ මුල භාගයේ දිය. එයට සමගාමීව ශ්‍රී ලංකාවද 1981 අංක 59 දරණ සාගර දුෂණ වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කල අතර මෙය අවස්ථා කිහිපයක දී සංශෝධනයන්ටද ලක්විය. පසුකාලීනව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිහිටුවනු ලබන්නේ ද මෙය පාදක කරගනිමින්ය.

    මෙම පනතට ප්‍රකාරව ශ්‍රී ලංකාවේ සිදු වන හදිසි තෙල් කාන්දු අනතුරකදී එයට මුහුණ දීම සඳහා වන යන්ත්‍රණය ලෙස 1995 දී ජාතික තෙල් පිටාරගැලීම් මුහුණදීමේ සැලැස්ම හෙවත් National Oil Spill Contingency Plan (NOSCOP) කෙටුම්පත්වූ අතර එය 98 හා 99 වසරවල තවදුරටත් සංශෝධනයන්ට ලක් කර 2000 වසරේදී කැබිනට් අනුමැතිය ලබා ගැනිණි. මෙය දකුණු ආසියානු කලාපයේ කලාපීය තෙල් පිටාර ගැලීම්වලට මුහුණ දීමේ සැලැස්මට ඕනෑම අවස්ථාවක අනුබද්ධ කල හැකි අයුරින් සකස් කල අතර මෙහි අන්තර්ගතය වඩාත් යාවත්කාලීන කිරීමත් එයට අනුශාංගිකව අදාළ ආයතන වල ධාරිතා සංවර්ධනයත් සඳහා නෝරාඩ් ආධාර යටතේ INSTCOM නමින් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වි ඇත.
    2004 වසරේ සිදුවූ ලංකාව මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනය වන සුනාමි හමුවේ ශ්‍රී ලංකාවේ එවකට පැවති සමස්ත පරිපාලන හා රාජ්‍ය යන්ත්‍රණය අනතුරට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් නොවන බව අවබෝධ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හදිසි ආපදාවකට මුහුණ දීමේ ප්‍රතිපාදන හා යන්ත්‍රණය ඇතුළත් ආපදා කළමනාකරණ පනත 2005 වසරේ දී නිති ගත කරන ලදි.

    oil spill

    මෙමගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය පිහිටු වීමට ප්‍රතිපාදන ලබා දුන් අතර ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීමද සිංදුවයි. ඒ අනුව එක් එක් රාජ්‍ය ආයතනය සතුව එම ක්ෂේත්‍රයට අදාළ ආපදා කළමනාකරණ සැලසුම් පැවතිය යුතු අතර ඒවා ජාතික ආපදා කළමනාකරණ සැලැස්මට ප්‍රතිබද්ධ විය යුතු විය. මෙම නෛතික ප්‍රතිසංස්කරණයෙන් පසු සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය යටතේ පැවති ජාතික තෙල් පිටාර ගැලීම් මුහුණදීමේ සැලැස්ම හෙවත් National Oil Spill Contingency Plan (NOSCOP) ක්‍රියාවට නැංවීම ආපදා කළමනාකරණ පනත ප්‍රකාර ජාතික ආපදා කළමනාකරණ සැලැස්මට ඇතුළත් විය. 2006 වසරේ සැප්තැම්බරයේ කොග්ගල හබරාදුවට කිලෝමීටර 11 දුරින් මුහුදේ සිදු වූ තෙල් නැවේ අනතුරේ දී මෙම සැලැස්ම මුල් වරට අත්හදා බලා ඇති අතර එහි දී මතුවූ අඩුපාඩු ද සලකා බලමින් 2007 වසරේ දී නැවත යම් සංශෝධන ප්‍රමාණයක් සිදු කර ඇත.

    මෙම සැලැස්මට අනුව සාගරයට තෙල් කාන්දු වන අනතුරක දී එම අවස්ථාවට හදිසි ප්‍රතිචාරය දැක්වීම හා අනතුර කළමනාකරණය කර ගැනීම සඳහා වගකිය යුතු රාජ්‍ය ආයතන හා ප්‍රජා සහභාගිත්වය ඇතුලත්වන ආයතනික ව්‍යූහයක් හදුන්වාදෙන ලදි. එම සැලැස්ම මෙහෙයවිම සමුද්‍රීය පරිසර ආරක්ෂක අදිකාරිය මගින් සිදුකල යුතු අතර ශ්‍රී ලංකා වරාය අදිකාරිය,ආපදා කළමනාකරණ මද්‍යස්ථානය, NARA ආයතනය,ත්‍රිවිධ හමුදාවන්, මද්‍යම පරිසර අධිකාරිය, ITI ආයනය හා ජලසම්පාදන මංඩලය ඇතුළත් ආයතනික සැලැස්මකට වෙන වෙනම වගකිම් පවරා තිබේ.

    ආයතන සතු මුලික වගකීම්

    MEPA සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය


    • මෙහෙයුම් විධාන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම
    • NOSCOP සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
    • නොස්කොප් සක්‍රීය කිරීම හා සිද්ධි අණදෙන නිලධාරියා පත් කිරීම
    • විවිධ නියෝජිතයින්ගෙන් සමන්විත සිද්ධි කළමනාකරණ කණ්ඩායම (IMT) පත් කිරීම
    • IMT සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මූල්‍ය සහ පරිපාලක, මාධ්‍ය සහ උපදේශන ඒකක සක්‍රිය කිරීම

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    • දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන ඒකක හා ප්‍රාදේශීය සම්බන්ධීකරණය කිරීම
    • පරිපාලනය සඳහා ස්ථානීය මෙහෙයුම් වෙරළ ප්‍රතිචාර මධ්‍යස්ථාන පිහිටුවීම
    • තෙල් කාන්දුවීමේ ප්‍රතිචාර කණ්ඩායම සහ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජා ජාල සංවිධානය කිරීම
    • මෙහෙයුම් නියාමනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය
    • පළමු මෙහෙයුම් බලකායක් ලෙස ස්ථිර කාර්ය මණ්ඩලයක් රඳවා තබා ගැනීම
    • උපකරණ, පිරිස් සහ සැපයුම් සමඟ ආධාර සැපයීම

    ශ්‍රී ලංකා නාවික හමුදාව

    • තෙල් විසිරුම නිරීක්ෂණය කිරීම
    • තෙල් කාන්දුව මැඩ පැවැත්විම හා මුහුදේ හා ගොඩබිම පිරිසිදු කිරීමේ මෙහෙයුම්
    • සන්නිවේදන මධ්‍යස්ථානවල ඇති සියලුම පහසුකම් සැපයීම

    වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව

    • පිටාර ගැලීම මැඩපැවැත්වීම සහ ප්‍රතිපාදන සහිතව භූමිය පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා සහභාගී වීම
    • උපකරණ සහ මිනිස් බලය සැපයිම
    • සමුද්‍රීය පරිසරයට හා සමුද්‍ර සම්පත් වලට කාන්දු වීමේ බලපෑම තක්සේරු කිරීමට සහාය වීම සහ උපදෙස් දීම
    • දූෂක අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ස්ථිර ස්ථානයක් සොයා ගැනීමට සහාය වීම

    මධ්‍යම පරිසර අධිකාරිය

    • යෝජිත තාවකාලික ගබඩා කිරීම සහ ස්ථිර බැහැර කිරීමේ ස්ථාන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම
    • පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා අවකාශය ලබා ගැනීම සංවිධානය කිරීම
    • බැහැර කිරීමේ පද්ධතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නිර්දේශ

    මෙම යන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක වන අවස්ථාවක මෙම සමස්ත ක්‍රියාදාමය මෙහෙය විම සඳහා Incident Commander හෙවත් ආපදා අණදෙන නිලධාරියෙකු එම නිශ්චිත සිදුවිමට අදාළව පත් කල යුතු අතර සියලු මෙහෙයුම් ඔහුගේ මග පෙන්වීම මත සිදුකල යුතුය.


    යම් ආකාරයකින් තෙල් කාන්දුවේ ප්‍රභලත්වය තෙල් ටොන් 100 වඩා වැඩිනම් නම් මෙය තුන්වන ගනයේ ආපදාවක් ලෙස හඳුනා ගන්නා අතර එහිදී එය සෘජු ලෙසම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙහයෙවිම සිදුවන අතර එවැන්නකදී විදෙස් සහාය අනිවාර්යය වේ.

    Sri Lanka braces for 'almost inevitable' oil spill as ship sinks | Sri  Lanka News | Al Jazeera


    මෙවැනි අවස්ථාවක ජනාධිපති වරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් ඔස්සේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කල යුතු අතර ආපදා කළමනාකරණයට සහාය විම සඳහා කලාපීය රට වල ආපදා කළමනාකරණ සැලැස්මේ බලධාරීන් දැනුවත් කල යුතුය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.