රට ගැන හිතා ඔබ නිවැරදි දේශපාලන තීන්දුව ගන්නේ නම් උතුරේ මෙන්ම දකුණේ තරුණයාගේ ප්රශ්නය නිසැකවම විසඳන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.
පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට තරග කරන නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන බියගම මාකොළ පැවති ජන රැලිය අමතමින් නාමල් රාජපක්ෂ මහතා අද(30) මේ බව සඳහන් කළේය.
සිය අභිප්‍රාය දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නියෝජනය කරන මාතෘ භූමියේ පය ගසා සිටින දෙමවුපියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්නයට විසඳුමක් මිසක් එක් එක් දේශපාලඥයාගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම නොවන බව හෙතම අවධාරණය කළේය.
දේශීය ව්‍යාපාර පැලැන්තියක් අපි අලුතෙන් හදමු යැයි ද තරුණ ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් කරමු යැයි ද යෝජනා කළ නාමල් රාජපක්ෂ මහතා,ඊළඟ අවුරුදු දහයට තවත් රැකියා ලක්ෂ විස්සක් බිහි කිරීම සැප්තැම්බර් 22 වෙනිදා උදෑසන සිටම ක්‍රියාත්මක කරනවා පැවසීය.
බියගම ආසන සංවිධායක හිටපු ප්‍රාදේශීය සභා සභාපති ආනන්ද ගනේපොල මහතා රැළිය සංවිධානය කර තිබුණි. ඒ සඳහා පාක්ෂිකයින් දහස් ගණනක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.
“අපිට දැන් වගකීමක් තිබෙනවා. දේශීය ආර්ථිකය එක පැත්තකින් දේශීය ගොවියා දේශීය ව්‍යාපාරිකයා ව්‍යවසායකයා නිෂ්පාදකයා ආරක්ෂා කරන තැනට මේ රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම මේ රටේ වවන්න වගේම මේ රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම හදන්න අවශ්‍යයි. ඇයි ලංකාවෙ නිෂ්පාදන වලට තැන දෙන්න බැරි.ඇයි ලංකාවේ වෙළඳපොලෙන් විදේශ රටවලට ආනයනය කරන භාණ්ඩ වල දේශීය කුඩා ව්‍යාපාරිකයා ව්‍යවසායකයාට ඇයි උදව් කරන්න බැරි. අපි පැහැදිලිවම කියනවා අපි ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය තුළ ගනුදෙනු කරන අපේ අම්මට තාත්තට සහ ව්‍යවසායකයට කියන එක මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.
අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ අපේ අයට රටේ ව්‍යාපාරිකයන්ට රටේ ආයෝජකයන්ට.අපි විදේශ ආයෝජන ගේනවා. විදේශ ආයෝජන ගේනවා විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන. විදේශීය ආයෝජකයන්ට දෙන සහන අපි දේශීය අයෝජකයන්ටත් දෙමු. දේශීය ව්‍යාපාර පැලැන්තියක් අපි අලුතෙන් හදමු. තරුණ ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් කරමු.ඒ ව්‍යාපාරිකයා අපි ආයෝජකයෙක් බවට පත් කරමු.
ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති බැංකු මූල්‍ය ප්‍රතිපත්ති අපි හදලා දෙන්නම්. ඒ සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරමු. මේ තරුණ පරම්පරාවේ රැකියා ප්‍රශ්නයට අපි විසඳුමක් දෙන්න ඕන. එන්න එන්න විරැකියා ප්‍රමාණය වැඩිවෙනවා.
ආර්ථිකය හැදුවා රට බේරගත්තා. අරක ඉවත් කරා මේක ඉවත් කරා කියන අය මොන දේ කිව්වත් එන්න එන්න ගමේ තරුණයාගේ රැකියා අහිමි වෙනවා මිසක් රැකියා උත්පාදනයක් වෙන්නේ නැහැ. ආර්ථිකය යම් ප්‍රගතියක් තියෙනවා නම් රැකියා උත්පාදනය වෙන්න ඕන.
රැකියා උත්පාදනය වෙන්නේ නැහැ. කියන්නේ ඉහළ මට්ටමේ ප්රතිලාභ ගමට ගිහින් නෑ කියන එක. අපි ඊළඟ අවුරුදු පහට රැකියා ලක්ෂ දහයක් බිහි කරනවා වගේම ඊළඟ අවුරුදු දහයට තවත් රැකියා ලක්ෂ විස්සක් බිහි කරන්න 22 වෙනිදා උදෑසන සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ප්‍රකාශ කරනවා.
අපි වගකීමකින් කියන්නේ අපිට බොරු කියන්න අවශ්‍ය නැහැ.
අද දමිළ මාධ්යවේදයෙක් මගෙන් අහනවා හැමෝම උතුරු නැගෙනහිර ප්රශ්නය ගැන ශේප් වෙන්න කතා කරද්දි ඇයි ඔබතුමා එහෙම කරන්නේ නැත්තේ කියලා. ඒ වගේම ඒ මාධ්‍යවේදී සහෝදරයා අහනවා දැන් ඕක කිව්වහම ඡන්දෙ හම්බ වෙයිද කියල. මම ඒ මාධ්‍යවේදියාගෙන් ඇහුවා ඡන්දේ ගන්න ඇයි මම බොරු කියන්නෙ කියලා.
ඒත් මට විශ්වාසයි මේ තරුණ පරම්පරාව උතුරෙද දකුණෙද කියන එක නෙවෙයි. පේදුරු තුඩුවේද දෙවුන්දර තුඩුවේද කියන එක නෙවෙයි බියගමද කිලිනොච්චියද මුල කියන එක නෙවෙයි. මේ තරුණයා බලාපොරොත්තු වෙන්නේ අවංක වීම. කරන්න පුළුවන් දේ කරනවා කියන එක. දකුණේ තරුණයාගේ රැකියා ප්‍රශ්නයම තමා උතුරේ තියෙන්නෙත්. දකුණේ තරුණයාගේ අධ්‍යාපන ගැටලුවම තමයි උතුරේ තියෙන්නෙත්. දකුණෙ ඉන්න තරුණයාගේ ආර්ථික ප්රශ්නය තමයි උතුරේ තියෙන්නේත්.
අපි රට ගැන හිතලා හරි දේශපාලන තීන්දු තීරණ ගත්තනම් උතුරේ තරුණයාගේ ප්‍රශ්නත් විසඳෙනවා දකුණේ තරුණයාගේ ප්‍රශ්නත් විසදෙනවා. සමහරවිට ඒ තීන්දුව ගත්තහම දේශපාලඥයාගේ ප්‍රශ්න විසඳෙන්නේ නැතුව ඇති. ඒකට කරන්න දෙයක් නෑ. නමුත් අපි තීරණය කරන්න ඕනෙ තරුණයාගේ ප්‍රශ්න විසදනවද නැත්නම් දේශපාලනඥයාගේ ප්‍රශ්න විසඳනවාද කියලා. නමුත් පැහැදිලිවම අපි හදන ප්‍රතිපත්ති අපි හදන්නේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා නියෝජනය කරන මාතෘ භූමියේ පය ගහලා ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්නයට විසඳුමක් මිසක් එක් එක් දේශපාලඥයාගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න නෙවෙයි.
නමුත් ප්‍රතිපත්තියක් නැතුව දකින දකින හැමදේම විකුණනවා නම් ප්‍රතිපත්තියක් නැතුව ඒකට අපි විරුද්ධයි. අපේක්ෂකයෝ කිහිපදෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශ එකකවත් මං වෙනසක් දකින්නේ නැහැ. ඒ හැම එකේම බලය බෙදීම ගැන කතා කරනවා. ඒ හැම එකේම රටට ගැලපෙන්නැති නීති අනපතත් ගැන කතා කරනවා. ඒ ප්‍රතිපත්ති තුනේම දේශීය ව්‍යාපාර හෝ දේශීය ආයෝජකයාව විශ්වාස කරලා කතා කරපු ප්‍රතිපත්ති නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහින්ද චින්තනයත් එක්ක කේන්ද්‍රගත වුණු ප්‍රතිපත්තියක් තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන වගකීම තමයි ඊළඟ අවුරුදු දහයට පහළොවට අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන එක. ඒ නිසා අප ඉදිරිපත් කරන වැඩපිළිවෙල ඇතුලේ මේ රටට අහිතකර අන පනත් කිසිවක් නොමැති බවත් විනාශ වන කිසිදු කරුණක් නැහැ කියන එක මම ප්‍රකාශ කරනවා. ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි.”