ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඓතිහාසික සංචාරයක් සඳහා යුක්‍රේනය බලා ගොස් තිබේ.
1991 වර්ෂයේදී යුක්‍රේනය සෝවියට් සමූහාන්ඩුවෙන් වෙන්වීමෙන් පසුව එරට ඉන්දිය අග්‍රාමත්‍යවරයෙකු සිදුකරනු ලබන පළමු සංචාරයද මෙය වීම විශේෂත්වයකි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා යුක්‍රේන ජනාධිපතිවරයාට බලපෑම් කළේ දැනට පවතින ගැටුම අවසන් කිරීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා කරන ලෙසයි. ඉන්දියාව තම පළමු යුක්රේන සංචාරයේදී යුද්ධය අවසන් කිරීමට උදව් කිරීමට ‘මිතුරෙකු’ ලෙස ක්‍රියා කිරීමට සූදානම් බව මෝදි සහතික විය.
“යුධ ගැටුම් අවසන් කිරීමේ මාවත සොයාගත හැක්කේ සංවාදයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් පමණයි. අපි කාලය නාස්ති නොකර එම දිශාවට යා යුතුයි. මෙම අර්බුදයෙන් මිදීමට මාර්ගයක් සෙවීමට දෙපාර්ශ්වයම එකට වාඩි විය යුතුය,” යනුවෙන්ද මෝදි අග්‍රමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය.
ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉතා වැදගත් වන අතර ඒ සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් විශාල අවධානයක්ද යොමුව පැවතිණි.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් රුසියාවට ආර්ථික සම්බාධක පනවන අවස්ථාවේදී ඉන්දියාව රුසියාව සමඟ ඉතා සමීපව කටයුතු කළ අතරම රුසියානු ඉන්ධන මිලදී ගෙන බටහිර රාජ්‍යන්ට විකිණීම මගින් විශාල ලාභයක්ද ඉන්දියාව අත් කරගැනීමට සමත්වීය.
රුසියාව සමඟ ඉතා සමීපව කටයුතු කළද ඉන්දියාව බටහිර රාජ්‍යන් සමඟ පැවති සුහඳත්වයද අහිමි නොවන අයුරින් කටයුතු කිරීම විශේෂත්වයකි.