තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැති ඇමතිකම් නැතිවූ හරීන්ටත් ජනපතිගෙන් තනතුරක්

    මැති ඇමතිකම් නැතිවූ හරීන්ටත් ජනපතිගෙන් තනතුරක්

    ජනාධිපති උපදේශකවරයකු ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම කර ඇත.

    ක්‍රීඩා, ඉඩම් සහ සංචාරක කටයුතු පිළිබඳ උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

    මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කර තිබුණි.

    සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කිරීමත් සමඟ ඔවුන් දෙදෙනාට පාර්ලිමේන්තු අසුන් අහිමි වූ අතර ඒ සමඟම ඔවුන් දරමින් සිටි කැබිනට් අමාත්‍ය ධුර ද අහිමි විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img