නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
වස්සාන කාලය ආරම්භ වී මාසයකට පසු එළඹෙන නිකිණි පුර පසළොස්වක පොහොය, මෙදින සිදු වූ සිද්ධීන් ගණනාවක් හේතුවෙන් බෞද්ධ ජනතාවට විශේෂ වැදගත්කමක් දරයි.
බුද්ධ ප්‍රධාන උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ අරහත්වයට පත්වීමත් ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීමත් මෙම පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයකි.
ලෝක ප්‍රසිද්ධ මහනුවර ඇසළ පෙරහැරෙහි අවසානය සනිටුහන් කරන්නේද නිකිණි පුන් පොහෝ දිනයෙහි වීමද විශේෂත්වයකි.