පැය 12කට ආසන්න සංඛ්‍යාවක් බිඳ වැටී තිබූ රත්මලානේ ගුවන් ගමන් පාලක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ Air Traffic Management (ATM) පද්ධතිය ඊයේ (14) මධ්‍යම රාත්‍රියවනවිට යථා තත්ත්වයට පත් කර තිබේ.
අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව හරහා සිදුවන සියලු ගුවන් ගමන් ආරක්ෂිතව හැසරවීමට ගුවන් ගමන් පාලකවරුන් සමත් වීම කැපී පෙනේ. ඔවුන් කටුනායක ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අදාළ සියලු ගුවන් ගමන් මෙහෙයවා තිබිණි.
මේ අතර අදාළ මෙහෙයුම් පද්ධතිය බිඳ වැටීමත් සමඟ ක්‍රියාත්මක වු ඉංජිනේරුවන් මෙම පද්ධතිය යථා තත්ත්වයට ගැනීමට විශාල පරිශ්‍රමයක් දරා තිබිණි.
අඩි 15000ට ඉහළ අහසේ සියලුම ගුවන් ගමන් රත්මලාන ගුවන් ගමන් පාලක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඔස්සේ ක්‍රියාත්මක වන අතර මේ සියලු ගුවන් මෙහෙයුම් අදාළ පද්ධතිය බිඳ වැටුණු කාලය තුළ කටුනායක ඔස්සේ මෙහෙයවා තිබේ.