මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර තිබේ.
එම කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද සළකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් හෙට (14) රැස්වන කොමිෂන් සභාවේදී තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තාවේ.