එළැඹෙන ජනාධිපතිවරණයේ දී රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන බවට අද ගිවිසුම්ගත විය.
මේ දක්වාම රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් මන්ත්රීවරයෙකි.
අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව මෙලෙස රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.