තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරීන්ගේ මන්ත්‍රීකම ගන්න සජබෙ තුන්කොන් සටනක්

    හරීන්ගේ මන්ත්‍රීකම ගන්න සජබෙ තුන්කොන් සටනක්

    අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය පක්ෂය තුළ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අතර තරගයක් ඇති වී ඇත.

    එම පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන හිටපු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරිය අතර මෙම තරගය ඇති වී තිබෙන බවයි.

    ඒ අනුව අදාළ මන්ත්‍රී ධූරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්තා වේ.

    බොහෝ දුරට එය ජනාධිපතිවරණය අවසානය වන තෙක් කල් යනු ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img