fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාව ඉන්දියාව පරදවයි

    ලංකාව ඉන්දියාව පරදවයි

    spot_img

    තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය ගනිමින් 1-0 ලෙස තරගාවලියේ ඉදිරියට ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) රාත්‍රි සමත් විය.

    කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නවයක් දැවී ලකුණු 240ක් ලබා ගත්තේය.

    අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස් ලකුණු 40 බැගින් කණ්ඩායමට එක් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 39ක් ලබා ගත්තේය.

    ජයග්‍රහණය හඹාගිය ඉන්දීය කණ්ඩායමට නායක රෝහිත් ෂර්මා අනගි බවනීය ආරම්භයක් ලබා දෙමින් පන්දු හතළිස් හතරක දී ලකුණු 64ක් ලබා ගත්තේය. අක්ෂර් පටෙල් 44ක් හා සුබ්‍රම් ගිල් ලකුණු 35ක් ලබා ගනිමින් ඉන්දිය ඉනිම ගොඩනැගුව ද, ජයග්‍රහණය ලබන්නට තරම් එම වෑයම සාර්ථක නොවිනි.

    වනිදු හසරංග වෙනුවට කණ්ඩායම එක්වූ ජෙෆ්රි වැන්ඩසි ඉන්දිය කණ්ඩායම සිය දඟ පන්දුවෙන් අසරණ කළ අතර ඔහු සිය පන්දුවාර 10 තුළ ලකුණු තිස් තුනකට කඩුළු 6ක් ලබා ගත්තේය. ඔහුට එක්වූ නායක චරිත් අසලංක පෙර පැවති තරගයේ මෙන්ම මෙම තරගයේ ද කඩුලු 3ක් දවා ගත්තේය.

    මීට පෙර පැවැති තරගය සම තරගයක් බවට පත්වීම නිසා ඉන්දියාව පරදා ලකුණු 32කින් ලැබු මෙම ජයග්‍රහණය සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ ඉදිරියට පැමිණියේය. තරගයේ වීරයා සම්මානය ජෙෆ්රි වැන්ඩසි දිනා ගත්තේය.

    ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියේ තීරණාත්මක හා අවසන් තරගය ලබන බදාදා පැවැත්වෙයි.

    ශ්‍රී ලංකාව 240/9 (50)

    ඉන්දියාව 208/10 (42.2)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img