තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 6කට නායයාමේ අවදානමක්

    දිස්ත්‍රික් 6කට නායයාමේ අවදානමක්

    පවතින අධික වැසි තතත්වය හේතුවෙන් දිස්ත්‍රික් 6කට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

    කොළඹ (සීතාවක), ගාල්ල (නෙළුව), කළුතර (බුලත්සිංහල), මාතර (පිටබැද්දර), නුවරඑළිය (වලපනේ) සහ රත්නපුර (අයගම, කුරුවිට) දිස්ත්‍රික්ක සඳහා මෙම නායයාමේ අවදානම පවතින බවට ගොඩනැගිලි පර්යේෂණ ඒකකය සදහන් කරයි.

    අද දිනයේදී දිවයිනේ බටහිර, සබරගමු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය දිස්ත්‍රික්කවල මිලිමීටර් 150 ට වැඩි අධික වර්ෂාවක් ලැබිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img