ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ තීරණය නොතකා ඉදිරි ජනාධිපතිවරණයේදී තමා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු වන ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ද ජනාධිපතිවරයාට සහය දීමට අපේක්ෂා කරන බවය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයේ වැදගත්කමක් නැත. ඉතාම තීරණාත්මක අවස්ථාවක රට බේරාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයේදීත් බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ මම ද සහයෝගය දෙමි.” යැයි ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.