fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ධම්මිකගේ නමවත් නෑසුණු පොහොට්ටුවේ රැස්වීම

    ධම්මිකගේ නමවත් නෑසුණු පොහොට්ටුවේ රැස්වීම

    spot_img

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට අද (29) සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන ⁣පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

    මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

    එම යෝජනාවට විරැද්ධව සහභාගී වූ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුම විරැද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ ⁣බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන මහර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනියගේ දියණිය පවා අද පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

    කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂක ධූරය බළාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නමක් ගැන සඳහන් නොවීම විශේෂත්වයකි.

    එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය බවට එයට සියලුම දෙනා එකග විය යුතු බවත්ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img