පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝට එරෙහිව ක්‍රියාත්මක වන අතුරු නියෝගය අතරතුර පොලිස්පති ධූරයට සුදුස්සෙකු නම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කර ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.