fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත වෙනස් වෙයි

    පොලී අනුපාත වෙනස් වෙයි

    spot_img

    පොලී අනුපාත අඩුකිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

    ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, 2024 ජූලි 23 වැනි දින පැවති රැස්වීමේදී ය.

    නව තීරණයට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.25%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.25%ක් ලෙසත් පදනම් ලකුණු 25 කින් අඩු කිරීමට තීරණය කර ඇත.

    5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීමේ අරමුණින් දේශීය හා ගෝලීය ප්‍රවණතා සළකා බලා, ඇතිවිය හැකි අවදානම් සහ අවිනිශ්චිතතා පිළිබඳ මනා තක්සේරුවකින් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.

    මෙම තීරණයට එළඹීමේදී, ලිහිල් කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලන ලදී.

    පවතින තොරතුරු මත පදනම්ව, මධ්‍ය කාලීනව ඉලක්කගත මට්ටමට අනුකූල වීමට පෙර ඉදිරි මාස කිහිපය සඳහා උද්ධමනය සියයට 5 ක උද්ධමන ඉලක්කයට වඩා පහළින් පැවතිය හැකි බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img