ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.
ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව අද (22) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය.
තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මෙහිදී පැහැදිලි කළේය.
එහිදී ඔහු පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම සඳහා 8,000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවය.
එමෙන්ම තැපැල් ඡන්ද සඳහා අදාළ සියලුම ලිපි ලේඛන ආරක්ෂිත හුවමාරු කිරීම සඳහා ද තැපැල් දෙපාර්තමේන්තු බැඳී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.