fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සිනමා නිලි මානෙල් අභාවප්‍රාප්ත වෙයි

    සිනමා නිලි මානෙල් අභාවප්‍රාප්ත වෙයි

    spot_img

    ප්‍රවීණ සිනමා නිළියක වූ මානෙල් චනද්‍රලතා මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය.

    පිලිකා රෝගයෙන් පීඩා විඳ ඇය මියයන විට 65 වැනි වියේ පසුවිය.

    ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි.

    සිනමාවේ විකට රජු ලෙස හැඳින්වෙන ෆ්‍රෙඩී සිල්වා නිර්මාණය කළ "මන්ත්‍රී" හා " දොන්ත බබක්කා" යන වේදිකා නාට්‍යවල රංගනයේ යෙදෙමින් කලාවට පිවිසි ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ සිනමාවේ හාස්යෝත්පාදක නිළියක වශයෙනි.

    එකල සිංහල සිනමාවට "ෆ්‍රෙඩී – මානෙල්" ප්‍රහසනාත්මක සුසංයෝගය නැතුවම බැරි විය.

    "ජය සිකුරුයි" සිනාමා පටයෙන් ඇය සිනමා ගමන ඇරඹූ මානෙල් චන්ද්‍රලතා මහත්මිය "නොම්මර 17", "කොලොම්පූර්", "චෙරියෝ ඩොක්ටර්", ⁣"ඩොක්ටර් නවරියන්","නැව ගිලුනත් බෑන් චූන්","ඔබ කොහෙද ප්‍රියේ","සත්‍යා","ජීවන් මල්ලි","සක්කර සූස්තර" ඇතුළු ආදායම් වාර්තා බිඳ හෙළු චිත්‍රපට 50ට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වූවාය.

    "මහරජ අජාසත්, පුංචි අන්දරේ,සේයා ඇය මෑතකදී රංගනයේ දායකවූ චිත්‍රපට වේ.

    අභහවප්ප්‍රාප්ත මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img