තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් කොමිසමෙන් පොලිස්පතිට නියෝගයක්

    පොලිස් කොමිසමෙන් පොලිස්පතිට නියෝගයක්

    අතුරුගිරිය නගරයේ දී පාතාල වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ පාපොච්චාරණය මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් දෙන්නැයි පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

    කොමිසම නියෝග කර ඇත්තේ, ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා එම වාර්තාව ලබා දෙන ලෙසයි.

    සති දෙකක් තුළ වාර්තාවක් ලබා දිය යුතු බවද අදාළ නියෝගයේ සඳහන් ය.

    පොලිස් කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදී කළ නියෝගයේ, පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකරන ලෙස ද දන්වා තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img