අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට ඊයේ (09) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මෙම වැඩිකළ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ඉදිරියේදී ලබාදීමට නියමිතයි.